April 25, 2024

රන්ජන් ගැන සජිත් පිල තීන්දුවකට සූදානම්! පක්ෂයේ විශේෂ රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ සිරදඩුවම සහ ඒ සම්බන්ධයෙන් ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබද සිය පක්‍ෂයේ නීතිඥයින්ගෙන් උපදෙස් ලබාගන්නා බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. 

සිය පක්‍ෂයේ නීතිඥ කණ්ඩායම ලබාදෙන උපදෙස් අනුව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට, ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(12) වසර 4 ක බරපතල වැඩසහිත සිරදඩුවමක් නියම කළේ අධිකරණයට සහ නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමිනි.

අදාළ නඩුව විභාගයට ගැණුනේ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ පි‍්‍රතිපත්මන් සූරසේන යන ති‍්‍රපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. 

ශී‍්‍ර ලංකාවේ බහුතර විනිසුරුවරුන් සහ නීතිඥවරුන් දූෂිත බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා මාධ්‍යයට ප‍්‍රකාශ කර ඇති බවත් එම ප‍්‍රකාශය ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී පවා තහවුරු කර ඇති බවයි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරු සිසිර ද ආබෲ මහතා කියාසිටියේය.  

Rate this item
(1 Vote)