April 23, 2024

රවි, නවීන්, අර්ජුන, මර්වින් අලුත් දේශපාලන ගමනකට වැඩ අල්ලයි - රුවන් පැමිණ නෑ

එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ නායකයන් වන රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, ලක්‍ෂමන් විජේමාන්න, මර්වින් සිල්වා ඇතුළු පිරිසක් ආධාර කරුවන්ද සමගින් ඊයේ (12) කතරගම අධිෂ්ඨාන පූජාවක නිරත විය.

එම වැඩ සටහනට ආධාරකරුවන්ද වැඩි පිරිසක් පැමිණ තිබීම නිසා එය නව දේශපාලන පෙරමුණක ආරම්භයක් බව වාර්තා වේ.

කෙසේ වුවද වැඩ සටහන අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ රවි කරුණානයක ‘නව දේශපාලන පෙරමුණක්’ ගැන කථාව ප්‍රතික්ෂේප කළේය. මෙය එජාපයේ කැඩී ගිය පාර්ශව යලි එක් කිරීම සහ රට වසංගතයෙන් මුදවා දෙන ලෙස කරන ලද දේව කන්නලව්වක් බව රවි කරුණානායක ප්‍රකාශ කළේය.

මෙම වැඩසහනට එජාපයේ උපනායකයා ලෙස පත්වූ රුවන් හෝ ඔහුගේ කිසිම නියෝජිතයෙකු සහභාගි වී නොතිබුණි.

‘මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරඹුණට සාපේක්ෂව අනෙක් පක්ෂ වල බිම් මට්ටම දියාරු වී ඇත. බිම් මට්ටම්ක් නැතැයි කීවද වරදි නැත. පසුගිය දගක දෙක පුරාම එජාපයේ බිම් මට්ට්ම ගැන කිසිවෙකු සැලකිළි මත් නොවුනි. රනිල් සැලකිලිමත් වූයේ කෘත්‍යධිකාරි මණ්ඩලය ගැන පමනි . රනිල්ගෙන් පුද පූජා ලැබ්වේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ගජයන් පමනි. සජිත් එජාප සාමාජිකත්වය ගත් ඊලග පැයේ සිට නායකත්වයට කුරුමාණම් ඇල්ලුවේය . බිම්මට්ට්මේ සුභසාදන ගැන බැලීමට ඔහුටද කාලයක් නොවුනි.අවසානයේ එජාප බිම් මට්ටම නිහඬ මරණයකට ගොදුරු විය’ එසේ හෙයින් එජාප නායකයන් දැන්වත් සමගි විය යුතු බවත් එකාවන්ව බිම් මට්ටම ගොඩ නැගිය යුතු බව රවි කරුණානායක කීවේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 January 2021 11:00