April 25, 2024

අද එජාපයේ කිහිප දෙනෙකුට තනතුරු ලැබෙන ලකුණු

අද (13) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත්වීම් කරනු ඇති බව පක්ෂ ලේකම් ශමල් සෙනරත් මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ කටයුතු කඩිනම් හා විධිමත් කිරීම සඳහා එම පත්වීම් කිරීම ඉතා වැදගත් බව මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු නොවන බව ද සෙනරත් මහතා තහවුරු කරයි.

Rate this item
(0 votes)