March 01, 2024

සම්බුද්ධ ජයන්ති මන්දිරය කෙලෙසූ කෝටි ගණනක වංචාව - ( වීඩියෝ )

ශ්‍රී සම්බුද්ද ජයන්ති මන්දිරයෙහි 4 වෙනි මහලෙහි මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය Ewings Foreign Employment නම් ශ්‍රමිකයින් රට යෑවීමේ ඒජන්සිය,විදේශ නියුක්ති කාර්යාංශයේද (3214) සමාගම් මැදුරෙහිද (PV9727) ලියාපදිංචිව රජයෙ අනුමැතිව ඇතිව කරගෙන යන ලදි.ඔවුන් විසින් පෝලන්තය හා ජපානය වෙත ශ්‍රමිකයින් යෑමීට ජනමාධ්‍ය භාවිතයෙන්ද විශාල වශයෙන් ප්‍රචාරණයන් සිදුකොට මීට වසර 2කට ඉහත සිට අසරණ මිනිසුන්ගෙන් කෝටි ගනනක මුදල් ලබාගෙන ඇති බවට මෙලෙස මුදල් ලබාදුන් පිරිසක් පවසා සිටිනවා .


පෝලන්තය සදහා ලක්ශ 17.5 ක මුදලක්ව ද ජපන් යැවීම සම්බන්දයෙන් ලක්ශ 6 මුදලක්ද එක් අයකෙගුන්ද ලබාගෙන ඇති අතර එලෙස 150කට අදික පිරිසකගෙන් කෝටි 20කට ආසන්න මුදල් සම්බාරයක් ලබාගෙන දැනට එම වයාජ ඒජන්සිය පවත්වාගෙන ගිය සම්බුද්ද ජයන්ති මන්දිරයද අතහැර සැගවී සිටින බවයි ඔවුන් කියා සිටින්නේ .

මීට අදාල පැමිණිලි, ශ්‍රී ලංකා පොලීසිය,විදේශසේවා නියුක්ති කාර්‍යාංශය,වංචා හා දූෂණ කාර්‍යාංශය යන රජයේ ආයතන වෙත කලද ඔවුන් තවමත් වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුනුවා නැති බවට අගතියට පත් පිරිස චෝදනා කරනවා.

මෙම අකටයුත්ත සලකා බලා මුදල් නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් පසුගියදා මෙම පිරිස ජනාදිපති කාර්යාලය අසල නිහඩ උද්ගෝෂණයක යෙදුනා.

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ එක් සහෝදරියක් විවාහ වී ඇති පුරුෂයා ජාවාරමට සම්බන්ධ අතර Ewings Foreign Employment ආයතනය අයිති  කාන්තාව විදෙස් ගතවීමේ සුදානමක් ද පවතින බව මුදල් ලබාදුන් පාර්ශ්වයන් පවසනවා.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ රජයෙන් සාධාරණ විසඳුමක් මේ වෙනුවෙන් ලබා දෙන ලෙසයි . 

අදාල වංචනිකයින් මේ වන තෙක් අත් අඩංගුවට ගෙන නොමැති බවත් අදාල පුද්ගලයින් අත් අඩංගුවට ගෙන තමන්ගේ මුදල් ආපසු අය කර දෙන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටින අතර මුදල් ආපසු ලැබෙන තෙක් උපවාසයක් කිරීමට පවා පසුබට නොවන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා. 

Rate this item
(6 votes)