March 29, 2024

ඇමැති අනුරාධට අගමැතිගෙන් විශේෂ අවසරයක්

අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ අවසරක් ලබා දී ඇතැයි වාර්තා වේ.

"වැඩ සමග යලි  ගමට" වැඩසටහන යටතේ ප්‍රදේශයේ ප්‍රශ්න හා ගැටළු සාකච්ඡා කර විසදුම් ලබාදීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) කුරුණෑගල පොල්පිතිගම ඉරුදෙනියාය ප්‍රදේශයේ දී පැවැත්විණ.

එහිදී වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අවසර ඉල්ලා සිටියේ වනජීවී අධ්‍යක්ෂ වරයාගේ අනුමැතිය තිබේනම් වනජීවී කලාපය තුල ඇති වැවු ඕනෑම මොහොතක ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ ආරම්භ කිරීමට හැකියාව ඇති බවයි.

එහිදී රාජ්‍ය නිලධාරීන්ගේ කරුනු විමසීමෙන් පසුව හැකි ඉක්මනින් වැඩ ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් විශේෂ අවසරක් හිමිවිය.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා මේ වන විට වැව් 163ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හදුනාගෙන ඇති අතර මේ වන විට එයින් වැව් 70ක් ඇස්තමේන්තු ගත කර ද ඇත.

එලඹෙන 11 වනදා සිට ප්‍රදේශයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කළේ්ය.

Rate this item
(0 votes)