April 18, 2024

අලි සබ්රි තීරණාත්මක විශේෂ ප්‍රකාශයකට සූදානම්

අධිකරණ ඇමති අලි සබ්රි මහතා ඉදිරි සතියේ දී තීරණාත්මක විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ පිළිබඳ ඇති වී තිබෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය නිකුත් කරනු ඇතැයිද සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

මෘතදේහ සම්බන්ධයෙන් ඇමතිවරයා රජය සමඟ මෙන්ම මුස්ලිම් ආගමික නායකයන් සමග වාර ගණනාවක් සාකච්ඡා පවත්වා ඇත.

එය සෑම අවස්ථාවකදීම මුස්ලිම් ආගමික නායකයන් ඉල්ලා සිටියේ මෘතදේහ භූමදානය ට අවසර දිය යුතු බවයි.

ඉන් අනතුරුව රජයේ පාර්ශ්වය සමගද ඔහු සමඟ සාකච්ඡා කර තිබිණි.

කෙසේ වෙතත් අවසන් තීරණය වී ඇත්තේ කොරෝනා මෘත දේහයන් ආදාහනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.

එවන් පසුබිමක අධිකරණ ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

Rate this item
(2 votes)