April 20, 2024

ඉන්දියාවේ නිල සංචාරයකට සජිත්ට ආරාධනයක්

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ(06) සිදුවිය.

ද්වීපාර්ශවීය සබඳතා පිළිබඳව එහිදී සාකච්ඡාවක් පැවැති අතර දිගු කලක් තිස්සේ දෙරටෙහි පවත්නා ඓතිහාසික සම්බන්ධතාවය පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගෙන තිබේ.

මෙරට ජනතාව වෙනුවෙන් පසුගිය වකවානුවේ නිවාස ඉදිකිරීම උදෙසා ඉන්දිය රජය ලබා දුන් අනුග්‍රහය පිළිබඳව කෘතවේදීත්වය පුදකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා "මෝදී" ගම්මානය පිළිබඳව ද සිහිපත් කර තිබේ.

"සුව සැරිය" උදෙසා ලබා දුන් සහය පිළිබඳව ද ඉන්දිය රජයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාවේ ස්තූතිය පළකර ඇත.

මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයශංකර් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට විශේෂ ආරාධනාවක්ද කර තිබේ.

Rate this item
(0 votes)