March 29, 2024

ගුවන් හමුදා නිලධාරීන්ට ගුරු පත්වීම් දීල නෑ - අධ්‍යාපන ඇමති

දුෂ්කර පාසල් වල ඉගැන්වීම් කටයුතු සඳහා ගුවන් හමුදා නිලධාරීන් පත්කොට තිබෙන බව මුල් කොටගෙන අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය අතර විවාදාත්මක තත්ත්වයක් ඇතිවිය.

දුෂ්කර පාසල් වල ඉගැන්වීම් සදහා ගුවන් හමුදා නිළධාරීන් පත් කොට තිබෙනවා දැයි මන්ත්‍රීවරිය කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් එවැනි පත්වීම් දී නොමැති බවය.

අමාත්‍යවරයා දුන් පිළිතුර පැහැදිලි නැති බව සඳහන් කරමින් කවිරත්න මන්ත්‍රීවරිය යළිත් කරුණු විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා සඳහන් කළේ තමා මේ ගැන තවත් සොයා බලා පිළිතුරු ලබා දෙන බවය.

Rate this item
(0 votes)