March 29, 2024

බැසිල් ජනපති කාර්ය සාධක බළකායේ සභාපතිකමක් එපා කියයි - පාර්ලිමේන්තු ගමන ගැන බැසිල් හෙළි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට තමාට දැන්ම අවශ්‍යතාවයක් නොමැති බවත් අවශ්‍යතාවයක් ආවොත් පාර්ලිමේන්තු පැමිණෙන බවත් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ රාත්‍රී හිරු නාලිකාවේ පැවැති දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමිනි.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් දුන් ලිපිය පිළිබඳ තමා ගෞරව කරන බවත් ඒ අතර තමාට පැමිණීමට තිබූ බාධා ඉවත් කළ බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

නමුත් පාර්ලිමේන්තු පැමිණීමට අවශ්‍යතාවයක් නොමැති නම් පැමිණීමට අවශ්‍ය නොමැති බවත් අවධාරණය කළ රාජපක්ෂ මහතා තමා පාර්ලිමේන්තු පැමිණීමට කැමැත්තක් නොමැති බවත් කියා සිටියේය.

කෙසේවෙතත් අකමැත්තෙන් වුවත් සමහර විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය භාර ගැනීමට සිදුවිය හැකි බවත් “එහෙම නොවේවා“ කියා තමා ප්‍රාර්ථනා කරන බවත් ඔහු පැවසීය.

හැකිනම් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ධූරයද තමාට නොමැති නම් හොඳ බවත් තමන්ට අවශ්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩකටයුතු සිදුකරමින් පක්ෂය තවත් ශක්තිමත් කිරීම බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)