April 20, 2024

"තත්වය සුබදායී නොවේ" මෛත්‍රීගේ හැසිරීම ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! පොහොට්ටු - ශ්‍රීලනිප දීගය දෙකඩ වෙයි?

තම පක්ෂය මූලික කරගත් සන්ධානයේ නායකයෙකු විදෙස් මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් සන්ධානය තුළ ඇතිවී තිබෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කර ඇතැයි අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

අපි සමඟ වැඩකරන පක්ෂයක් සමඟ කිසිසේත් අප විදෙස් මාධ්‍යයක විවේචනය නොකල බවත් මේ රටේ පක්ෂයක අභ්‍යන්තර ප්‍රශ්න විදේශීය මාධ්‍ය සමඟ සාකච්ඡා කීරීම කිසිසේත් සුබදායී තත්වයක් නොවන බවත් ඒ පිළිබඳ තමන් කණාගාටුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගියදා  "The Hindu" පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ජාවක දී හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණේ 2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් තේරීමේදී තම පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බවයි.

"අපේ පක්ෂයට කළුතර සහ නුවරඑළිය සඳහා අපේක්‍ෂකත්ව ලැබුණේ නැහැ. ගම්පහට ලැබුණේ එකයි. කුරුණෑගලට හමුවුණේ දෙකයි. අපට සාධාරණ අපේක්ෂක ගණනක් ලැබුනේ නැහැ. අපි ඉල්ලුවා අපේක්ෂකයින් 30ක්. නමුත් ලැබුණේ නැහැ. නැත්නම් අපේ 30ක් විතර පාර්ලිමේන්තු යනවා."

"ඉදිරි පළාත් සභා මැතිවරණය එකතුවෙලා තරඟ කිරීමටයි අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපිට ලැබිය යුතු සාධාරණ ආසන ගණන ලැබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. අපිට එය ලැබුණොත් ආණ්ඩුවත් එක්ක එකතුවෙලා තරඟ කිරීමට ගැටළුවක් නැහැ. නමුත් සාධාරණ ලෙස නොසැලකුවහොත්, අපේ පක්ෂය තීරණය කරාවි තනියෙන් තරඟ කිරීමට. අපි විකල්ප දෙකටම ලෑස්තියි." යනුවෙන් හිටපු ජනාධිපතිවරයා අදහස් දක්වා තිබිණි.

Rate this item
(0 votes)