April 20, 2024

"ඔබතුමා ඒකාන්තයෙන්ම ජනාධිපති වෙනවා" - විපක්ෂයේ ප්‍රබලයෙකු ඉදිරියේ සංඝනායක හිමිනමක් කී ප්‍රබල අනාවැකිය (VIDEO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉටුකරන සමාජ මෙහෙවර සුවිශේෂී බවත්, දුක් විදින ජනතාව නගා සිටුවීම එතුමාගේ උදාර ප්‍රාර්ථනයක් බවත් කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික කොළඹ නවකෝරලේ නවතොටමුනේ උප ප්‍රධාන සංඝනායක ,විචිත්‍ර භානුක,සාමවිනිසුරු පෝරේ පුරාණ විහාරයේ විහාරාධිපති රුක්මලේ ධම්මකිත්ති නාහිමිපාණන්වහන්සේ පැවසූහ.

ඓතිහාසික පෝරේ පුරාණ විහාරයට අනුබද්ධ අනු ශාඛාවෙ ශ්‍රී ධම්ම විජිතාශ්‍රමයේ පිවිසුම් දොරටුව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ අනුශාසනාව සිදුකරමින් උන් වහන්සේ මේබව පැවසීය.

“මම මේ වෙලාවේ ඒකාන්තවම සැබෑවෙන අනාවැකියක් කියනවා.සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති වෙනවාමයි”

Rate this item
(0 votes)