April 20, 2024

බැසිල් ඊලඟ සැලසුම දිගහරී - පොහොට්ටුවේ මහ ඇමැතිවරුන් කවුදැයි තෝරා අවසන්?

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව සැලැසුම් සකස් කරමින් තිබුණත් අවසානයේදී පක්ෂ නායක රැස්වීමේදී පළාත් සභා මැතිවරණය තාවකාලිකව කල් දැමීමට තීරණය කර තිබේ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද සාකච්ඡා කර තීන්දුවක් ගැනීමටද එහිදී තවදුරටත් යෝජනා වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට වී සැලැසුම් සකස් කරමින් සිටින බව වාර්තා වේ.

ඒ ඒ පළාත් සභාවලට ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයන් කවුද, ආණ්ඩුවේ සෙසු පක්ෂවලට ලබාදිය යුතු නාමයෝජනා ප්‍රමාණය කොපමණද, ඒ ඒ පළාත් සභාවල මහ ඇමැතිවරු වශයෙන් කටයුතු කළ යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ද බැසිල් රාජපක්ෂ මහතා නිල නොවන ආකාරයට අවසන් තීන්දුවක් ගෙන ඇති බවද එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව නිශ්චිත වශයෙන්ම නුදුරු දිනයකදීම පළාත් සභා මැතිවරණය කැඳවීමට ආණ්ඩුව සූදානමින් පසුවන බවද දැනගන්නට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 January 2021 12:12