March 28, 2024

ලියාපදිංචිය නොමැති සැනිටයිසර් ආනයනය තහනම්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ලබන පෙබරවාරි මස 01 වනදා සිට මෙම තහනම බලාත්මක වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම් වනු ඇත.

Rate this item
(0 votes)