April 19, 2024

2023 තෙක් එජාප නායක රනිල් - මහ ලේකම් ධූරය රංගේ බණ්ඩාරට

මේ වසරේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ දී මහ ලේකම් ධුරය පමණක් වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනවාරි මස අවසානයේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වේ.

එහි දී එම යෝජනාව ඉදිරිපත් කිරීමට සැලසුම්කර ඇති අතර පක්ෂයේ මහ ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පත් කිරීමට තීරණය කර තිබේ.

දැනට පක්ෂ මහ ලේකම් ධුරයේ වැඩ බලන්නේ ශමල් සෙනරත් මහතාය.

පක්ෂ නායකත්වයේ ලබන 2023 දක්වා රැඳී සිටීමට රනිල් වික්‍රමසිංහට අවසරය ලැබී ඇති අතර උප නායක, ජාතික සංවිධායක, නියෝජ්‍ය නායක, භාණ්ඩාගාරික යන තනතුරුවල දැනට සිටින නිලධාරින්ම තවදුරටත් නම් කිරීමටද නියමිතය.

පක්ෂයේ මාධ්‍ය අංශය ප්‍රතිසංවිධානය කරමින් ශක්තිමත් කරන ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නායකත්වයට දැනුම් දී ඇත.

Rate this item
(0 votes)