April 25, 2024

මිත්‍යා විශ්වාස පස්සේ ගිහින් වැඩක් නැහැ - විද්‍යානුකූල ක්‍රමවේදයකට යන්න

කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණදීමට නම් මිත්‍යා විශ්වාස පසුපස නොගොස් විද්‍යානුකූල ක්‍රියාවලියකට අනුගත වීමේ වැදගත්කම හිටපු සෞඛ්‍ය‍‍ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, වත්මන් පරිසර අමාත්‍යංශ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

නව වසරේ රාජකාරි ආරම්භ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඇතැම් පිරිස් මිත්‍යා විශ්වාසවල එල්බගෙන ඒ පිළිබඳව පූර්ණ විස්වාසය තබා කටයුතු කරන බව පෙන්වා දෙන ජාසිංහ මහතා පවසන්නේ කොරෝනා වැනි වෛරසයක් සමග එවැනි ක්‍රමවලින් සටන් කළ නොහැකි බවයි. විද්‍යානුකූල ක්‍රමවේදයකට මූලික අවධානය යොමු කරමින් කටයුතු කළයුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

සමාජය තුළ ප්‍රශස්ත ලෙස ප්‍රතිශක්තීකරණය පවත්වාගෙන යාමට නම් ජනතාවගෙන් 70% කට වත් ප්‍රතිශක්තීකරණ එන්නතක් ලබාදිය යුතු බවත් එසේ නොමැතිව වෛරසය පාලනය කළ නොහැකි බවත් අනිල් ජාසිංහ මහතා පවසයි.

කොවිඩ් 19 වෛරසයේ පළමු ව්‍යාප්තියේදී සැළකිය යුතු කාර්යභාරයක් ඉටුකළ අනිල් ජාසිංහ මහතා පිළිබඳව රටේ බහුතරයකගේ ප්‍රසාදය හිමි විය. කෙසේ නමුත් වත්මන් රජය බලයට පත්වීමෙන් ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත් කෙරිණි.

Rate this item
(0 votes)