April 25, 2024

තරුණයන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ආණ්ඩුවෙන් සහන රැසක් - ගම දියුණු කරන්න පටන් අරන් ඉවරයි - බුද්ධික වික්‍රමාදර (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මාධ්‍ය හමුවක් අද දිනයේ දී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි තරුණ සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ බුද්ධික වික්‍රමාදර මහතා පැවසූවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වශයෙන් අවශ්‍ය ඕනෑම මොහොතක ඡන්දයක් සදහා තනිවම තරඟ කිරීමට සූදානම් බවත් නමුත් පලාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳ තීරණය පොදු ජන පෙරමුණෙහි තීරණයක් නොව ආණ්ඩුවේ තීරණයක් බවත්ය.

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිට්යේ ‍මේ වන විට රජය එක් ලක්ෂ පනස් දහසකට (150,000) කට රැකියා ලබා දීමට කටයුතු සියල්ල සුදානම් කොට ඇති බවයි.

එමෙන්ම එයින් අඩකට මේ වන විටත් රැකියා ලබා දී අවසන් බවත් රට දියුණු කිරීමට නම් ඍජු ආයෝජන අත්‍යාවශ්‍ය බවත් රටට හානියක් නොවේනම් ආයෝජන අවස්ථා නිර්ණය කිරීමේ දී  පාට පක්ෂ පිළිබඳවත් , කුමන රට වලින් ආයෝජන එන්නේ දැයි යන්න වැදගත් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.  

නවීන රැකියා වෙළඳපොලට අවශ්‍ය පරිදි රැකියා වෙළඳපොල ඉලක්ක කර ගත් නිසි මාර්ගෝපදේශ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම මේ වන විටත් ක්‍රියාත්මක වෙම්න් පවතින බව බුද්ධික වික්‍රමාදර මහතා පැවසීය.

ගමෙහි සංවර්ධන කටයුතු සොයා බැලීම සඳහා දියත් කල ජනාධිපති තුමාගේ ගම සමග පිළිසඳරක්  වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර ඒ සමගම බැසිල් රාජපක්ෂ මහතා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන වැඩ සමග යලි ගමට ගොස්  ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බවත් තරුණයන්ට ව්‍යවසායකයින් ලෙස අත දීමට රජය සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම ඉඩම් අයිතිය පිළිබඳව ගැටලු විසඳා නිසි පැවරීම් සිදු කිරීමට කටයුතු කරන අකර මේ කටයුත්ත තවත් වසරක් තුලදී නිමා කිරීමට බලාපොරොත්තු වන බවත් වසර දෙක තුනක් ඇතුලත දී ලංකාවේ සියලු දෙනාට නිවාස ලබා දීමේ වැඩපිලිවෙල අගමැතිතුමා විසින් දැනටමත් ආරම්භ කොට ඇති බවත් බුද්ධික වික්‍රමාදර මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(2 votes)
Last modified on Friday, 01 January 2021 17:11