March 29, 2024

පැනික් වෙන්න එපා - අපි ඊට සූදානම්වයි සිටියේ : සුව වූ වහාම පිටමං කරනවා

December 31, 2020

සංචාරකයින් ප්‍රවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන යුක්රේන් ජාතිකන්ගේ මෙරට සංචාරක පිළිබඳව කලබල විය යුතු නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන බව ඩේලි මිරර් පුවත්පත සදහන් කරයි.

ඒ මීට දින කිහිපයකට පෙර එනම් ඉකුත් 28 වැනි දින මෙරටට පැමිණි යුක්රේන්  සංචාරකයින් අතුරින් තිදෙනකුට කොවිඩ් ආසාදනය වීම හේතුකොටගෙනය.

මෙම තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තුවෙන් සිටි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන බව සඳහන් කරන ඩේලි මිරර් පුවත්පත එම සංචාරකයින් තිදෙනා සමග කිට්ටුවෙන් ඇසුරු කළ පුද්ගලයින්ව ද හඳුනාගෙන ඇති බවද පෙන්වා දෙයි.

කොවිඩ් ආසාදනය වූ සංචාරකයින් සූව වීමෙන් පසු නැවතත් සිය මව් රට බලා පිටත් කරලා යවන බවත් අන් සංචාරකයින් පිරිස දැඩි සෞඛ්‍ය නීතිරීති මත ඔවුන්ගේ සංචාරයේ නියැලෙන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන බව ඩේලි මිරර් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)