April 25, 2024

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් එළවන්න පොහොට්ටුවේ පසුපෙල පිරිසක් වැඩ! හිරිහැර ඉවසන්න බැරිව අමරවීර කටඅරී

December 31, 2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ සිටින කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිගින් දිගටම තඩිබාන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එම පිරිස විසින් ශ්‍රීලනිප ප්‍රාදේශීය සංවිධායකවරුන්ට ද හිරිහැර කරන්නේ යැයි ඇමැතිවරයා චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ද කරුණු ඉදිරිපත් කළ බවද පැවසූ ඇමැතිවරයා පොදුජන පෙරමුණේ ඉහල නායකයන් කිසිවිටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිංසා නොකරන බව ද පැවසීය.

තම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Rate this item
(0 votes)