March 29, 2024

විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර ඇමැතිවරුන්ගෙන් ප‍්‍රශ්න කරන්නැයි CIDයට නියෝග

December 31, 2020

මහර බන්ධනාගාරයේ මෑතකදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් විසින් සිදුකරන ලද ප්‍රකාශයන් ගැන පුළුල් පරීක්ෂණ කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිදුවීම කුමන්ත‍්‍රණයක් යැයි පවසමින් ඇමති විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් ප්‍රකාශ නිකුත් කර තිබීම හේතුවෙන් එහි සත්‍යතාවය සොයාගැනීමට ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස සිදුවීමෙන් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව ඇමතිවරුන් දෙදෙනාගෙන් එම ප්‍රකාශ ගැන විමර්ශනය කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඔවුන් ගෙන් ලබාගන්නා ප්‍රකාශයන් එළැඹෙන 8 වෙනිදා අධිකරණට ඉදිරිපත් කරන ලෙස ද වැඩිදුරටත් නියෝග කර ඇත.

Rate this item
(0 votes)