April 20, 2024

ලංකාවේ චීන තනාපති කාර්යාලයෙන් බ්‍රිතාන්‍ය ඇමතිවරයාට පෙර කී කතා මතක් කර දුන් සැර උත්තරය

December 30, 2020

ශ්‍රී ලංකා චීන තනාපති කාර්යාලය විසින් බ්‍රිතාන්‍ය අමාත්‍යවරයෙකුගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එම පණිවිඩය තුළින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රොජර් හෙල්මර්ගේ ප්‍රකාශය උපුටා දක්වා තිබුණි.

එම ප්‍රකාශය වුයේ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය බ්‍රිතාන්‍ය තුළ නිර්මාණය වූවක් ලෙස හඳුන්වා නොසිටින ලෙසත්, එය මුලින්ම හමු වුයේ බ්‍රිතාන්‍යයෙන් පමණක් වන බවත් එය සම්පුර්ණයෙන්ම වෙනස් කාරණයන් දෙකක් යන්නයි.

මෙරට චීන තනාපති කාර්යාලය විසින් එම බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයාගේම තවත් ට්විටර් සටහනක් උපුටා දක්වා තිබුණි.

එම ට්විටර් සටහන ඔහු විසින් තබා තිබුණේ පසුගිය ජුනි මාසයේ වන අතර එහිදී ඔහු විසින් සඳහන් කර තිබුනේ 'චීන ආහාර', 'ඉන්දියන් කරි', 'කොරියන් ආහාර' ලෙස හැඳින් වීම වර්ගවාදී නොවෙයි නම් 'චීන වෛරසය' ලෙස හැඳින් වීමට නොහැක්කේ ඇයිදැයි යන්නයි.

එම ප්‍රකාශ දෙක සංසන්දනය කරමින් මෙරට චීන තනාපති කාර්යාලය ට්විටර් පණිවිඩය තුළ සටහන් කර තිබුණේ 'ඉංග්‍රීසි මහතෙකුගේ ඉංග්‍රිසි විහිළු' යනුවෙනි.

එමෙන්ම ඔවුන් තවදුරටත් සඳහන් කර තිබුණේ එකිනෙකාට චෝදනා කරගන්නා ක්‍රීඩාව නවතා දමනා ලෙසත් කොරෝනා වෛරසයට ද්විත්ව ප්‍රමිතීන් නොමැති බවත්ය.

එම ට්විටර් සටහන පහතින්,

Rate this item
(1 Vote)