March 29, 2024

මහා සංඝරත්නය ජනාධිපති කාර්යාලය අසලට රැස්වී විරෝධතාවයක! ආණ්ඩුවට රතු එළියක්

December 28, 2020

කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්වන සියලුදෙනාගේ දේහයන් ආදාහනය කරන ලෙස ඉල්ලා ජාතික භික්ෂු සංවිධාන අද (28) ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.

එහිදී ඔවුන් ඊට අදාළව තොරතුරු ඇතුළත් සංදේශයක්, ඒ මොහොතේ වෙනත් සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට භාරදීමට කටයුතු කර සිටියා.

මෙම විරෝධතාව සඳහා ජාතික සංවිධාන සම්මේලනය, සිංහල රාවය, ජාතික සංවිධාන එකමුතුව, සිංහලේ අපි, සිංහලේ හා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සිටි බව වාර්තා වනවා.

මෙහිදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් පූජ්‍ය මැඩිල්ලේ පඥාලෝක හිමියන් ප්‍රකාශ කර සිටියේ සහරාන් පන්නයේ පිරිසක් විසින් කොරෝනා වෛරසය ජලමූලාශ්‍ර වලට එක් කර ත්‍රස්ත ක්‍රියාවක් සිදු කළහොත් එහි වගකීම භාර ගනු ලබන්නේ කවුරුන්දැයි යන ප්‍රකාශ කළ යුතු බවයි.

“එක රටක් එක නීතියක් කියලා මේ රටේ ජනතාවගේ ජන වරම ගත්තා නම් ජන වරමට අනුව රට පාලනය කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ මහා සංඝ රත්නය මේ පාරට බැහීම ගැනම ජනාධිපතිවරයා ලැජ්ජාවට පත් වෙන්නෝන. මොකද මේ ආණ්ඩුව බලයට ගෙන්න නඩු කාපු හාමුදුරුවරු අද මේ ස්ථානයේ ඉන්නේ” යැයි උන්වහන්සේ වැඩිදුරටත් පවසන ලදි.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 December 2020 15:03