April 18, 2024

ඇමැති බන්දුල ඉවත් කළ සභාපති ප්‍රමිති ආයතනයේ මුල් පුටුවට

December 28, 2020

සතොස සහ ලක් සතොස ආයතනයන් හි සභාපති ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයේ සභාපති ලෙස පත් කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය මින් පෙර වෙළෙද අමාත්‍යංශය යටතේ පැවැති අතර, පසුගියදා ගැසට් නිවේදනයකින් ජනාධිපතිවරයා යටතට පත්කරන ලදි.

මේ අතර සතොස සභාපති ලෙස හිටපු බන්ධනාගාර කොමසාරිස් වෙනුර ගුණවර්ධන මහතා පත් කර ඇත.

ලක් සතොස සභාපතිවරයා ලෙස සිවිල් ආරක්ෂක බළකායේ හිටපු අණදෙන නිලධාරියා ආනන්ද පීරිස් මහතා පත් කර ඇත.

Rate this item
(0 votes)