April 25, 2024

කාලි වරම, ආවේශය සත්‍යයක් - අපහාස කල හැමට වැඩ වරදියි - මුන්නේශ්වරම් ප‍්‍රධාන පූජක (VIDEO)

December 27, 2020

කාලි මෑණියන්ගේ වරමෙන් ප‍්‍රතිකාර කිරීම සත්‍යයක් බවත් එම වරම හැමෝටම ලැබෙන දෙයක් නොවන බවත් හලාවත මුන්නේශ්වරම් කෝවිලේ ප්‍රධාන පූජක කාලිමුත්තු ශිව පාරසුන්දරම් සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ කාලි මෑණියන්ගේ වරම් සියළුදෙනාටම ලැබෙන්නේ නැති බවත් එය සත්‍යයක් බවත් ආවේශය ද සත්‍ය වශයෙන්ම සිදුවන දෙයක් බවය.

කාලි මෑණියන් ඉතාමත් ප්‍රබල හා දරුණු බවත් අපහාස කල සියල්ලන්ටම වැඩ වරදිනු ඇති බවත් දරුණු ප්‍රතිඵල ගෙන ඇති බවත් ඔහු පවසයි.

හිටපු ඇමති මර්වින් සිල්වාටද කාලි මෑණියන් විසින් දඬුවම් දී ඇති බවත් අද ඇවිද ඇවිද ඉන්න වී තිබෙන්නේ ඒ නිසා බවත් තාම දඬුවම් දෙන්න පටන් ගත්තෙ නැති බවත් ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

Rate this item
(1 Vote)