May 18, 2022

ලබන 28 දා සිට සංචාරකයින් දිවයිනට ...හෝටල් සමූහයට යුද හමුදා ආරක්ෂාව

December 26, 2020

මාස දහයකට පසු නියාමන ව්‍යාපෘතියක් ලෙස ලබන 28 වැනිදා ප්‍රථම සංචාරක කණ්ඩායම මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළින් මෙරටට පැමිණීමට නියමිතය. ප්‍රථම කණ්ඩායමට සංචාරකයින් දෙසීයක් පත්ව සිටින අතර ලබන 29 දින පැමිණෙන ගුවන් යානයෙන් තවත් දෙසීයක් පැමිණීමට නියමිත.

ඔවුන් සියලු දෙනා යුක්ක්‍රේනයේ සිට පැමිණෙන අතර එම සංචාරකයින් දැනට දකුණු මුහුදු වෙරළේ පිහිටා ඇති සංචාරක හෝටල් කලාප පහක නවාතැන් ගැනීමට නියමිතය.

කළුතර සංචාරක හෝටල් සංකීර්ණයේ කාමර 175ක්ද, බෙන්තොට කලාපයේ කාමර 570ක්ද, බේරුවල කලාපයේ කාමර 305ක්ද, අහුන්ගල්ල කලාපයේ කාමර 630ක්, කොග්ගල කලාපයේ කාමර 400ක් වශයෙන් හෝටල් සමූහ පහ නිර්මාණය කර ඇත. පළමු කණ්ඩායම බෙන්තොට හා බේරුවල හා කොග්ගල හෝටල් සමූහයේ නවාතැන් ගැනෙයි.

දින 10-14 අතර කාලයක් ඔවුන් මෙරට රැඳී සිටින අතර හෝටල් සමූහය ආවරණය වන පරිදි යුද හමුදා ආරක්ෂාව සපයා ඇත.

තෝරාගත් ස්ථාන 12ක් සඳහා ඔවුන් ආරක්ෂාව මධ්‍යයේ රැගෙන යන අතර සංචාරකයින් පැමිණීමේ දී පැය 72කට ප්‍රථම ගත් PCR එකක්ද, මෙරටට පැමිණීමේ දී ගුවන්තොටුපොළේ දී තවත් PCR පරීක්ෂණයක්ද සිදු කරයි.

මෙම සංචාරකයින් ප්‍රවාහනය කරන බස් රථයේ සිට හෝටල් සේවකයින්, සංචාරක මගපෙන්වන්නන්, නරඹන ස්ථානවල සේවකයින් පසුව නිරෝධායනයට ලක් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)