April 20, 2024

"දෙයියෝ ගහ ගහ එලවනවා"- පැණි ගන්නට ගිය මිනිස්සුන්ට පැණි වෙනුවට ලැබුණු දේ (VIDEO)

December 25, 2020

හෙළ වෙද මහතෙකු වන ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා පැණිය ගැනීමට අදත් (25) විශාල පිරිසක් රැස්ව සිටියේ නත්තල් දිනයේ නිවාඩුවද පසකට දමමිනි.

එම ස්ථානයේ රැස්ව සිටි පිරිස් එක්වරම නැවත හැරී වේගයෙන් දිව යන ආකාරය මාධ්‍යවේදියෙකුගේ කැමරාවේ සටහන්ව තිබුණි.

එහිදී මාධ්‍යවේදියා විසින් එම දිව යන පිරිසගෙන් විමසීමක් කළ සිටි අතර එහිදී එක්තරා වයසක කාන්තාවක් ප්‍රකාශ කර සිටියේ " ගහ ගහ එලවනවා මෙතනට වෙනකන් දෙවියෝ.." යනුවෙනි.

එමෙන්ම එම කාන්තාව විසින් මේ පිළිබඳව මාධ්‍යයට පවසන ලෙසද ප්‍රකාශ කර තිබුණි.

අද (25) දිනයේද පැණිය ගන්නට පැමිණි බොහෝ පිරිසක් හිස් වූ බලාපොරොත්තුවෙන් යුතුව නැවත හැරි යන ආකාරය මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන්ව තිබුණි.

එම අවස්ථාව වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)

Related items