May 18, 2022

දෙවනගල පුදබිමේ සාකච්ඡාව උණුසුම් වෙයි - ආණ්ඩුකාර මන්ත්‍රීගේ කමිස කොලරයෙන් ඇඳ බැණවදී (VIDEO)

December 24, 2020

දෙවනගල පර්වතය ආශ්‍රිත මීටර් 400ක ප්‍රේරණ කලාපයක් ඇති කිරීම සඳහා වූ සාකච්ඡාවක් අද (24) පැවැති අතර එහිදී ඇති වූ උණුසුම් තත්ත්වයක් නිසා සාකච්ඡාව අතරමග නවතා දැමීමට සිදුවිය.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රදේශයේ ආගමික නායකයින්, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, ප්‍රදේශීය සභා මන්ත්‍රිවරු, බුද්ධශාසන අමාත්‍යාංශයේ නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන් සහ දෙවනගත අවට ගම්මාන 3ක ජනතාව එක්විය.

අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්වුණි.

පවතින තත්ත්වය ගැන අරණායක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන අජන්ත දිසානායක මහතාගේ අදහස් දැක්වීමට විහාරාධිකාරී මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි විරෝධය පළ කිරීමත් සමග මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත් බව අප වාර්තාකරු පැවසීය.

පසුව ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් ද කැඳවීමට සිදුවිය.

උණුසුම් තත්ත්වය අතරතුර පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත දිසානායක මහතාගේ කමිසයේ කොලරයෙන් අල්ලා බැණවැදීමක් සිදුකරන අයුරුද දිස්විය.

අනතුරුව අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසූවේ සභාවේ කටයුතු සම්පූර්ණයෙන් විකෘති කිරීම පිළිබඳව තමා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවය. 

Rate this item
(1 Vote)