April 19, 2024

ඔය පැණියකම පැටලී පැටලී ඉන්නෙ නැතුව එන්නත ගැන අවධානය යොමු කරන්න - නිමල් සිරිපාල

December 25, 2020

කොවිඩ් මර්දනය සඳහා දේවාල කපුවෙකු විසින් නිෂ්පාදනය කළ බව කියන පැණියක පැටළෙමින් සිටිනවා වෙනුවට රජය මේ මොහොතේ කළයුතුව ඇත්තේ හැකි ඉක්මනින් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මෙරටට ගෙන්වා ජනතාවට එම එන්නත් ලබාදීම බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වත්මන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි. 

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

"දැන් අද වෙලා තියෙන්නෙ, අපි කළයුතු දේවල් පැත්තක තියලා නොකළයුතු දේවල්වල පැටළෙනවා. අපි කරන්නට ඕනෙ ඉතා ඉක්මනින් එන්නත ශ්‍රී ලංකාවට ගෙන්නලා මේ රටේ ජනතාවට එන්නත ලබාදෙන එකයි. පැණියක් තියෙනවා නම් හොඳයි. පැණියෙන් ලෙඩේ සනීප වෙනවා නම් හොඳයි. නමුත් මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයෙක් වශයෙන් කටයුතු කරපු කෙනෙක්, එවැනි පැණියක් හෝ වෙන තිත්ත බෙහෙතක් හෝ පැණිරස බෙහෙතක් දෙනවා නම් ඒ පිළිබඳ සායනික පරීක්ෂණ පවත්වලා එයින් සුබදායී ප්‍රතිඵල ඇතිවෙනවද කියන එක විද්‍යාත්මකව තීරණය කරලා තමයි පැණියක් දෙන්න ඕනෙ. ජනතාවට අන්තිමට පැණිය දීලා සනීප වුනේ නැත්නම් මොකද වෙන්නෙ ? ඉතිං ඒ නිසා ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වලා තහවුරු කරගෙන තමයි එය ලබාදිය යුත්තේ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)