April 24, 2024

පහුගිය වසරේ පොලීසිය රුපියල් මිලියන 38000 ක පිටරට මාලු කාලා - මේ වසරේදී ආනයනය නතර කිරීමට සුදානම්

December 23, 2020

පොලිස් භෝජනාගාරවල භාවිතය සඳහා මෙතෙක් කල් ආනයනික මාලු භාවිතා කළ බව වාර්තා වනවා. 2019 වර්ශයේදී ආනයනය කර ඇති මත්ස්‍ය නිෂ්පාදනය සදහා රුපියල් බිලියන 38.9 ක මුදලක් වැය කැ ඇති බව සදහන් වනවා . ධිවර අමාත්‍යාංශයේ ලේකමිවරයා කරනු ලැබූ ඉල්ලීමකට අනුව මහජන ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස් පරිභෝජනය වෙනුවෙන් දේශීය වශයෙන් නිපදවන මත්ස්‍ය නිෂ්පාදන මුලුමනින්ම යොදාගැනීමට තීරණය කොට තිබෙනවා . ආනයනික මසුන් වෙනුවට පෝශණය එක හා සමාන මසුන් වන තලපත් , කෙළවල්ලන් , අලගොඩුවන් , භාවිතා කළ හැකි බව තීරණය වී තිබෙනවා. ධීවර අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ වාර්තාවකට අනුව 2019 වර්ශයේ දී මත්ස්‍ය මෙට්‍රික් ටොන් 95637 ක් ලංකාවට ආනයනය කොට තිබෙනවා. ධීවර අමාත්‍යාංශය කළ සොයා බැලීමක දී මෙම ආකාරයටම ත්‍රිවිධ හමුදාවන් සදහාද මත්ස්‍යය නිෂ්පාදන ආනයනය කරනු ලබන බව සදහන් .

Rate this item
(1 Vote)