April 25, 2024

චම්පික ආවේ නිකන් නෙමේ නව සන්ධානයේ බලය ඇල්ලීමේ අරමුණින්

December 19, 2020

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගය පක්‍ෂයේ බලය ඇල්ලීමේ සූක්‍ෂම මෙහෙයුමක් දියත් කරමින් සිටින බව සජබයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් රාවයට දැනගන්නට ඇත. චම්පික රණවක මන්තී‍්‍රවරයාගේ එම උත්සාහය සදහා සජබ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක යන අයගේ සහයද ලැබෙමින් පවතින බව ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

බදුල්ලේදී සජබයේ නව ව්‍යවස්ථාව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහිදී එම ව්‍යවස්ථාවේ ඇතුලත් උප සභාපති ධූරය සදහා පත්වීමට පාඨලී චම්පික මන්තී‍්වරයාගේ සූදානමක් තිබෙන බවද දැනගන්නට තිබේ.

මෙම ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංගවලින් හෙබි එකක් විය යුතු බවට එජාපයෙන් ඉවත්වූ තරුණ මන්තී‍්‍රවරුන් ඇතුළුව සජබය සමග එකතු වූ වෙනත් පක්‍ෂවල සාමාජිකයන්ගේ අදහස වී ඇති බවද කියැවේ.මේ පිළිබදව සජබයේ ඉහළ පෙළේ කි‍්‍රයාකාරිකයකු වන මන්තී‍්‍රවරයකුගෙන් රාවය විමසූ විට පැවසුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව සජබයට පැමිණීම තුල පක්‍ෂ නායකත්වය පිළිබදව තවමත් ගැටළුවක් ඇතිවී නැති බවය. එහෙත් සිය පක්‍ෂයේ මන්තී‍්‍රවරයකු වන තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන්නම් ගැටළුවක් මතුව ඇති බවද ඔහු කීවේය.

(උපුටාගැනීම රාවය පුවත්පත)

Rate this item
(2 votes)