April 25, 2024

ගෝඨාට එරෙහිව පුළුල් සන්ධානයක්! නායකත්වය ගන්න පාඨලී, චන්ද්‍රිකා, මංගල, සජිත් සටනේ

December 18, 2020

විපක්ෂ නායකවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පුළුල් සන්ධානයක් පිහිටු විමේ කටයුත්තක නිරතව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවා සිව් වසරක් ගතවිම නිමිත්තෙන් අද (18) දින නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදි පැවති ජන හමුවකදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ, 

"ලංකා ඉතිහාසයේ ගොවියාට ලැබුණු හොදම වි මිල ලැබුණේ මේ ආණ්ඩුවෙන් රු 65 යි. නිෂ්පාදිත මිල රු 28යි, අල කිලෝවක් රු 270 යි , නිෂ්පාදිත වියදම රු 70යි. ගොවියට පොහොර ටික දෙනවා, බිජ ටික දෙනවා. ඔක්කොම රජයෙන් දෙනවා. මේච්චර කරලද ආණ්ඩුව ෆේල් කියන්නේ? විපක්ෂය කියනවා ආණ්ඩුව ෆෙල් කියලා, අවුරුදු පහට එක පුද්ගලයෙක්ට රැකියාවක් දෙන්න බැරි වුණා. මේ රටේ මිනිස්සුන්ගේ මුදල් මංකොල්ල කැවා , අද කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ෆෙල් කියලා. විපක්ෂය හිතන් ඉන්නේ පාර්ලිමේන්තුවේදි කැ ගැහුවා කියලා , මහර දෙන්නෙක් තුන්දෙනෙක් මැරුණා කියලා , කොරොනා රෝගින් වැඩි වුණා කියලා , මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. අද හොද නායකයෙක් ඉන්නවා , වැඩ කරන නායකයෙක් රටේ ජනාධිපති වෙලා ඉන්නවා."

"පසුගිය අවුරුදු පහෙදි සිදු වුණ සංවර්ධනයක් නෑ. හදිස්සිය වැඩි අපේ කට්ටියගේ ආණ්ඩුව පත් වුණ ගමන් රැකියා ඕනි , ටක් ගලා ඕනි. කොරෝනා නිසා එක සංචාරකයෙක් රටට එන්නේ නෑ, විදේශ ශ්‍රමිකයින් රටට සල්ලි ටික එවන්නේ නෑ. ඒ තත්ත්වයත් සමග තමයි මේ ආණ්ඩුව මේ කටයුතු කරන්නේ. පක්ෂයක් හැටියට වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් ඉන්නේ අපේ පක්ෂයේ. විපක්ෂයේ සජිත් ප්‍රේමදාස එහෙම පුළුල් සන්ධානයක් හදන්න කටයුතු කරමින් ඉන්නවා. ගෝඨාභය විරෝධි. කවුද මේ පුළුල් සන්ධානයේ ඉන්නේ? චම්පික රණවක, අනුර දිසානායක,සුමන්දිරන්, රිෂාඩ් බදුර්ඩින්, රවුෆ් හකිම්, කවුද මේ? පසුගිය කාලයේ මේ රටේ සල්ලි මංකොල්ල කාපු උන් ටික. අන්තවාදය ,ත්‍රස්තවාදය ඇති කරපු  වපුරපු උන් ටික. අපිත් කැමති මේ සන්ධානය එනවා නම්. චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, මංගල සමරවිර, චන්ද්‍රිකා කුමාරතුංග ඒ සන්ධානයේ නායකකම ගන්න බලන් ඉන්නවා." අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

"පසුගිය කාලයේ චංවා සිදු කල අයට නිතිය ඉෂ්ඨ වෙන් ඕනි. ලබන අවුරුද්දේ මැද වගේ වෙනකොට කොරොන එන්නතක් සොයාගෙන වෛරසය නැති කරන්න පුළුවන් වෙයි කියලා. 2019 වසරේ හිටපු ජනාධිතිවරයා ජනාධිපති ලේකම් කාර්යයාලයට වැය කරලා තියෙනවා බිලියන 3.2 ක්. වත්මන් ජනාධිපතිතුමාගේ වියදම බිලියන 1.2 යි." යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)
Last modified on Friday, 18 December 2020 14:09