March 28, 2024

ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ පන්සලේ සජිත් විශේෂ සාකච්ජාවක (PHOTOS)

December 16, 2020

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ධර්මායතනය වෙත ගොස් පූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ හිමිපාණන් බැහැදැක ඇත.

සුචරිතය මුල් කරගෙන ඉදිරියේ දී සමාජ සංස්කෘතික පුණර්ජීවනයක් සිදු කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උන් වහන්සේට සිහිපත් කළ අතර ඒ සදහා උන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

යහපත් කටයුතු වෙනුවෙන් නොපැකිලව තම ආශිර්වාදය හිමිවන බව එහිදී ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන්වහන්සේ පැවසූ අතර සුචරිත ව්‍යාපාරය පිළිබඳව සිය ප්‍රසාදය ද පළ කළේය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පිළිබඳව ද සිහිපත් කළ උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ එතුමා ජනතාවාදී නායකයෙක් බවය.

ජාතිවාදය තමන්ද පිටුදකින බව පැවසූ නාහිමිපාණන්වහන්සේ , මේ රටේ සියලු ජනයා සාමයෙන් හා සංහිදියාවෙන් ජීවත් විය යුතු බවද කීය.

දේශපාලනීකරණය නොවූ බුද්ධි මණ්ඩලයක උපදෙස් සහ සම්පත් දායකත්වය තුලින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අවශ්‍ය උපදෙස් තමාට ලැබෙන බවත් විශේෂයෙන්ම රටට උවදුරක් එන්නට පෙර ඒ පිළිබඳව දැනුවත් වීම සහ දැනුවත් කිරීම සදහා ඔවුන්ගේ දායකත්වය ඉවහල් වූ බවත් මෙහිදී විපක්ෂ නායකයා සිහිපත් කළේය.

කොරෝනා ව්‍යසනය ගැන විපක්ෂය ලෙස තමා මුලින්ම රටට කියන විට බොහෝ දෙනෙක් ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවද හෙතෙම පැවසීය.

අද මුලු ලෝකයම කොරෝනා එන්නත ගැන විමසිලිමත් නමුත් අපේ රටේ තත්ත්වය කනගාටුදායක බවද ඒ මහතා කීය.

ජාති,ආගම් වැනි පටු භේදවලින් මිදී එකම රටක එකට සහෝදරත්වයෙන් ජීවත් වීම සිය දේශපාලන බලවේගයේ ප්‍රාර්ථනාව බව පැවසූ විපක්ෂ නායකයා තවදුරටත් බෙදී වෙන් වීමෙන් රටට උදාවන යහපතක් නැතැයිද කීය.

බුද්ධිය, දැනුම, තොරතුරු සහ නව තාක්ෂණය පදනම් කරගත් ගමනක් යා යුතු බව තමාගේ මෙන්ම සමගි ජනබලවේගයේ ස්ථාවරය බවත්,ඒ උදෙසා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අත්‍යාවශ්‍ය බවත් කීය.

Rate this item
(1 Vote)