April 25, 2024

දේශීය රෙදි මෙවර පාසල් නිල ඇඳුම් සඳහා ...

December 14, 2020

දේශීය වශයෙන් නිෂ්පාදනය කළ පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට ආරම්භ කර ඇත.

වෙනත් වසරවල කලාප අධ්‍යාපන කාර්යාලවලට බෙදා හැරුණු රෙදි මෙවර කොට්ඨාස කාර්යාලවලටම බෙදා හැරෙන බව පවසන අමාත්‍යාංශය එය විදුහල්පතිවරුන්ට පහසුවක් යැයි ද ප්‍රකාශ කරයි. මෙම සතියේදී යාපනය දිස්ත්‍රික්කයේ බෙදා හැරීමේ කටයුතු ආරම්භ කෙරේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට බෙදා හැරීම පසුගිය සතියේ ආරම්භ කර ඇත.

පසුගිය වසර කිහිපය පුරාම චීනයෙන් ආනයනය කළ නිල ඇඳුම් රෙදි මෙවර දේශීය වශයෙන් පමණක් නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකයන්ට අවස්ථාව දුන්නේ ය. එම නිෂ්පාදන කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙන් ම ජනාධිපති කාර්යාලයෙන් ද අධීක්ෂණයට ලක් කෙරිණි.

දැන් පවතින තත්ත්වය මත එළැඹෙන (2021) වසරේ නව පාසල් වාරය ආරම්භ කරනවාත් සමග නිල ඇඳුම් රෙදි ද සිසුන්ට ලබා දීමට හැකි වනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

Rate this item
(0 votes)