April 20, 2024

"බන්ධනාගාර නිලධාරීන්ට T56 ගිනි අවි දීලා තියෙන්නේ පොල් ගාන්න නෙමෙයි"

December 09, 2020

අද (12) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා මහර බන්ධනාගාරය ගැන කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කර සිටියේ තවමත් මහර බන්ධනාගාරය පිළිබඳව පරික්ෂණය සිදුවෙමින් පවතින බවයි.

එහිදී ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ "මහර බන්ධනාගාරයේ ඉස්සල්ලාම අපි ටියර් ගෑස් පාවිච්චි කරා..ඊට පස්සේ අපි රබර් උණ්ඩ පාවිච්චි කරා..මේ බන්ධනාගාර නිලධාරීන්ට T56 අවි දීලා තියෙන්නේ ගෙදර ගිහිල්ලා පොල් ගාන්න නෙමෙයිනේ.." යනුවෙනි.

 "එතුමන්ලාට බැරිම තැන අහසට වෙඩි තිබ්බේ, මේක අපි පරික්ෂණයක් කරමින් පවතිනවා..පරික්ෂණ වාර්තා ලැබුණු හැටිය අපි ඒක පාර්ලිමේන්තුවට ලබා දෙනවා" යනුයෙන්ද රාජ්‍ය අමාත්‍යරයා සඳහන් කර සිටියේය.

Rate this item
(0 votes)