April 20, 2024

ඇමතිවරුන්ට බඩු මිල වැඩි බව දැනිලා - ඇමති මණ්ඩල රැස්වීමේදී ජනපතිටත් කියයි

December 09, 2020

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් ඵලක් නොවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාට පවසා ඇති බව වාර්තා වෙයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම නිසා ජීවන වියදම වැඩි වී ඇතැයි එම රැස්වීමේදී බොහෝ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

මෙහිදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට පවසා තිබුණේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීමෙන් ජනතාව අපහසුතාවයට ලක්ව ඇති බවයි.

මෙම ඇමති මණ්ඩල රැස්වීම පෙරේදා (07) පවත්වා තිබුණු අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව සෑම මසකම පළමු සඳුදා දිනයේදී රැස්වීමට මෙහිදී තීරණයක් ගෙන තිබේ.

(අරුණ)

Rate this item
(0 votes)