March 01, 2024

අටුළුගම තත්වය දරුණුයි - දිගින් දිගටම බාධා නිසා සෞඛ්‍ය අංශ හමුදා ආරක්ෂාව ඉල්ලයි

December 09, 2020

හුදෙකලා කර ඇති බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයට පොලිස් හෝ හමුදා ආරක්ෂාව ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

අටුළුගම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා පැමිණෙන සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ රාජකාරියට අටුළුගම ගමේ බොහෝ ජනතාවගෙන් විශාල ලෙස බාධා එල්ල වන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

කඩිනමින් ආරක්ෂාව අවශ්‍ය බවත් එසේ නොවුනහොත් රාජකාරිය නිසියාකාරව කිරීමට නොහැකි වන බවත් ඔහු පෙන්වා දෙයි.

Rate this item
(0 votes)