June 22, 2024

කැබිනට් ඇමති නිසා ඇමැති විමලවීර බේරෙයි - වනජීවි නිලධාරීන් ඇමැතිට ස්තුති කර වර්ජනය හකුලා ගනී

December 08, 2020
ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය පවත්නා ලෙසටම ආරක්ෂා කරන බවට හා ඉදිරියේදී සාකච්ඡාවක් ලබාදෙන බවට වනජීවි කැබිනට් ඇමතිවරයා කළ ප‍්‍රකාශය පදනම් කරගනිමින් වනජීවි නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (07) පස්වරුවේ තාවකාලිකව අත්හිටවූ බව වන ජීවි නියාමක නිලධාරින්ගේ සංගමයේ සභාපති ශානුක සදරුවන් මහතා පැවසීය.
 
වනජීවි රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ගෙන තිබිණි. වනජීවි කැබිනට් ඇමති සී.බී රත්නායක මහතාගේ ප‍්‍රකාශය හුදු වචනයට පමනක් සීමා නොවිය යුතු බවද, ඇමතිවරයාගේ ප‍්‍රකාශය ඒ ආකාරයෙන්ම ඉටුවනු ඇති බවට විශ්වාසය පළ කරන බවද ඔහු පෙන්වා දුන්නේය. 
වනජීවි පණතට පටහැනිව දිවයිනේ කිසියම් හෝ වන ජීවි කලාපයක් සම්බන්ධයෙන් යම් ක්‍රියාවක් සිදුවන තත්ත්වයක් උද්ගතවුවහොත් දැවැන්ත වෘත්තිය අරගලයක යෙදීමට සිදුවන බවද සභාපතිවරයා සඳහන් කළේය.
 
ඊයේ පැවති වෘත්තිය අරගලය 98%කින් සාර්ථක වූ බවත් ප‍්‍රධාන කාර්යාලය ඇතුලූ සියලූ වනජීවි කාර්යාල වසා දැමූ බවත් කාර්යාලයන්හි ආරක්ෂා කළ යුතු සම්පත් ආරක්ෂා කිරීමට පමණක් කි‍්‍රයාකළ බවත් හෙතෙම කියා සිටියේය.
 
ඇමතිවරයා දැක්වූ යහපත් ප‍්‍රතිචාරයට තම සංගමයේ ස්තුතිය පළ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 December 2020 12:23