April 23, 2024

අලි සබ්‍රිත් ෆේල් : දුමින්දගේ ලක්ෂ 226යේ "සබිතාපාය" වාර්තාව කඩන්න බැරි වෙයි

December 08, 2020

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් සිය අමාත්‍යංශ කාර්යාලය කොටුවේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගෙන යෑමේ දී යහපාලන රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි දුමින්ද දිසානායක මහතා තැබූ වාර්තාව කැඩීමට අසමත් වී තිබේ.

රුපියල් ලක්ෂ 170 ක මාසික කුලියකට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත ගෙන යෑමට අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට එයට අනුමැතිය ද ලබාගෙන තිබේ.

දුමින්ද දිසානායක මහතා යහපාලන රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 226 ක මාසික කුලියකට රාජගිරියේ පිහිටි ඩී.පී ජයසිංහ ගොඩනැගිල්ලට එනම් බොහෝ දෙනෙකු දන්නා පරිදි සබීතාපායට ගෙන යෑමට ගත් පියවර එකල වර්තමාන පොදුජන පෙරමුණ ආණ්ඩුවේ බොහෝ පිරිසකගේ විවේචනයට ද ලක් විය.

ගොඩ ගැසී ඇති නඩු කඩිනමින් ඇසීම සඳහා නව විනිසුරුවන් පත් කිරීමේ හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය අධිකරණ සංකීර්ණ ලබා දීම සඳහා සිය අධිකරණ අමාත්‍යංශ භූමිය පරිත්‍යාග කිරීමට සිදු වීම මත සිය අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත ගෙන යෑමට සිදු වූ බව අලි ෂබ්රි මහතා පෙන්වා දී තිබේ.

යහපාලන ආණ්ඩු සමයේ කරු ජයසූරිය කතානායකවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු සඳහා බත්තරමුල්ලේ රජමල්වත්ත පාරේ පිහිටි සිය අමාත්‍යංශ භූමිය ඉල්ලා සිටීම නිසා තමාට වෙනත් ගොඩනැගිල්ලක් සොයා ගැනීමට සිදු වූ බව ඒ අවධියේ ලක්ෂ 226ක්‌  ගෙවා ජයසිංහ ගොඩනැගිල්ලට යාමට හේතුව ලෙස දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරන ලදී.

එහෙත් කෘෂිකර්ම අමාත්‍යංශය පැවැති රජමල්වත්ත මාවතේ ගොඩනැගිල්ල නාවික හමුදාව යොදා අලුත් අලුත්වැඩියා කරනු ලැබුවද හිටපු කතානායකවරයා සිය කාලය අවසන් වන තුරුම එය ප්‍රයෝජනයට නොගැනීම මහජන මුදල් කාබාසිනියා කිරීමක් ලෙස වත්මන් පොදුජන පෙරමුණේ පිරිස් එදා හඳුන්වන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 December 2020 12:55