April 18, 2024

"රොෂාන් රණසිංහ කියන්නේ කෝටිපතියෙක් - අඩුතරමේ මට මගේම කියලා ගෙයක්වත් නැහැ"

December 06, 2020

පසුගියදා මාදුරඔය, වස්ගමුව, සෝමාවතිය හා ජලගැලුම් නිම්නය ආශ්‍රිතව මාර්ගයක් ඉදිකිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකදී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ මැදිහත් වීම පිළිබඳව බොහෝ දෙනා අතර දැඩි කතාබහක් ඇතිවිය.

එහිදී සමහර පිරිසක් සඳහන් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය විමලවීර මහතා විසින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ ගැටලුවකට මැදිහත් වී අනවශ්‍ය ගැටලුවකට මුහුණ දුන් බවයි.

මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා දුන් විමලවීර මහතා ප්‍රකාශ කර තිබුණේ ඔහුට කා වෙනුවෙන්වත් ඉදිරිපත් වීමට අවශ්‍ය නොමැති බවයි. 

තමන් එම අවස්ථාවේදී ඉදිරිපත් වුණේ යක්කුරේ අහිංසක මිනිස්සු වෙනුවෙන් බවත්, තමන්ට එසේ කිරීමෙන් කිසිම ප්‍රතිලාභයක් හිමි නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ "අඩුතරමේ මට මගේම කියලා ගෙයක්වත් නැහැ. කවදා හරි මගේ මිනිය තියන්නේ හිඟුරාන හන්දියේ." යැයිද ප්‍රකාශ කරමිනි.

එමෙන්ම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා විසින් වැලි ගොඩ දැමීම සඳහා ජලගැලුම් නිම්නය හරහා පාරක් කැපීමට උත්සාහ කරන බවට එල්ල වන චෝදනාවලටද විමලවීර අමාත්‍යවරයා විසින් පිළිතුරු ලබා දී තිබෙන අතර එහිදී ඔහු කියා සිටියේ "රොෂාන් මේ රටේ ඉන්න කෝටිපතියෙක්. ඔහුට වැලි දාන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. මගෙන් ​ඔහොම අහන අය දැනට වැලි අදින කිලෝමීටර හය ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?" යනුවෙනි.

ඔහු මෙම අදහස් පළ කර තිබුණේ සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.

 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 06 December 2020 17:39

Related items