April 18, 2024

LPL එකෙන් සල්ලි හොයන හැටි ඇමැති නාමල් කියයි

December 06, 2020

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වැයවන සියලූ මුදල් අනුග්‍රාහකයන් මාර්ගයෙන් ලැබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම තරගාවලිය හරහා ආදායමක් ලැබෙන බවත් නාමල් රාජපක්ෂ මහතා ඊයේ (05) පාරලිමේන්තුවේදී සඳහන් කළේය.

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සදහා ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු මුදලක් වැය කර නොමැති බව ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කළේය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තවද ඉදිරි වසර තුළ නව ක්‍රීඩා පනතක් හදුන්වාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.

Rate this item
(0 votes)