April 24, 2024

පක්ෂ මාරුවේ ප්‍රවෘත්තිය ගැන නවීන්ගෙන් ප්‍රකාශයක්

December 05, 2020

ඉරිදා දිවයින පුවත්පත වාර්තා කර තිබූ "පාඨලී, නවීන් සහ අර්ජුන සජිත්ගේ පක්ෂයට යති" යන පුවත ගැන හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

එම පුවත වැරදි සහ නොමග යවන සුළු බවත් එය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ඔහු සඳහන් කර තිබේ.

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහන පහතින්,

"හෙට ඉරිදා දින පළවීමට නියමිත දිවයින පුවත්පතේ ඇති වැරදි සහ නොමග යවන සුළු මේ පුවත දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. මාගේ පියාණන් දිවි පුදන ලද මේ පක්ෂය නැවතත් එහි මුක්ය පරමාර්ථ මත ප්‍රතිස්ථාපනය කල යුතුය. කුසලතා මත පදනම් වූ, ප්‍රජාතාන්ත්රික, ආර්ථික මුලධර්ම මත පිහිටා ජනතා ආර්ථිකය ශක්තිමත් කළහැකි පක්ෂයක් ලෙස විනා ජනතාව මත පලකරන පරිදි කල්ලිවාදී ප්‍රජාතාන්ත්‍රික නොවන පවුල් පාලනයක් බවට පත් නොකළ යුතුය. මම පක්ෂයේ සැබෑ අරමුණු පදනම් කරගත් ශක්තිමත් ප්‍රතිසංවිධානයක් වෙනුවෙන් ශක්තිමත්ව පෙනී සිටිමි."

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 December 2020 18:52