April 19, 2024

ආණ්ඩුවට අලි බලන්නැයි මෛත්‍රී කියයි - පොළොන්නරුවේ සිට තැබූ සටහන මෙන්න

December 04, 2020
පොළොන්නරුව පැරකුම් සමුද්‍රයේ වැව්තාවුල්ලේ කෙළි සෙල්ලම් කරන දළ ඇතුන් දෙදෙනෙක් නිදැල්ලේ සැරි සරන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
මෙම සුන්දර ඇතුන් දෙදෙනා ආරක්ෂා කොට රැකබලා ගැනීම සැමගේ වගකීමක් බවත් මෙම ඇතුන් දෙදෙනා ආරක්ෂා කරන ලෙස බලධාරීන්ගෙන් තමා ඉල්ලිමක් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
එම ෆේස්බුක් සටහන පහතින්,
“පැරකුම් සමුදුර තරණය කොට මෙගොඩට පැමිණෙන දළ ඇතුන් දෙදෙනෙක් මේ දිනවල පැරකුම් සමුදුරු වැව්තාවුල්ලේ කෙළි සෙල්ලම් කරමින් නිදැල්ලේ සැරි සරයි. නෙතට සතුටක් උපදවන මෙම සුන්දර ඇතුන් දෙදෙනා ආරක්ෂා කොට රැකබලා ගැනීම සැමගේ වගකීමයි.
මෙම ඇතුන් දෙදෙනා ආරක්ෂා කරන ලෙස බලධාරීන් ගෙන් මා ඉල්ලිමක්ද කරන ලදී.
අලි ඇතුන් යනු ජාතික සම්පතකි.“
Rate this item
(0 votes)