April 20, 2024

රැදවියන් කැරලි ගැසුවේ PCR ඉල්ලලා නෙමෙයි - ඒ කතාව බොරුවක්

December 03, 2020

මහර බන්ධනාගාරයේ සිරකරුවන් PCR පරීක්ෂණ ඉල්ලා කැරලි ගැසුවා කියන ඒක මිථ්‍යාවක් බව විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන ලදී.

මහර බන්ධනාගාරයේ ප්‍රචණ්ඩ කටයුතුවල යෙදුණු රැඳවියන් එය කරණ ලද්දේ සාමාන්‍ය මානසිකත්වයකින් නොවන බව සදහන් කරන අමාත්‍යවරයා ගැටුම නිසා රෝහල්ගතව සිටින බන්ධනාගාර සිරකරුවන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසා දැන ගැනීමට හැකි බවද පෙන්වා දෙයි.

මහර බන්ධනාගාරයේ ගැටුම් නිසා මේ වන විට රෝහල් ගතව සිටින රැඳවියන් ප්‍රකාශ කරන්නේ තමා එදා කළේ කුමක්දැයි මේ වන විට මතකයක් නොමැති බව බව ද වීරවංශ මහතා අවධාරණය කරයි.

බන්ධනාගාරවල මෙවැනි කැරලි ඇතිවීම සාමාන්‍ය දෙයක් බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා මහර බන්ධනාගාරයේ රැඳවියන් තුල තිබූ ආතතිය යම් පිරිසක් විසින් තමන්ගේ ප්‍රයෝජනයට පාවිච්චි කළ බව ද අනාවරණය කරයි.

බන්ධනාගාරවල ඇතිවන මෙවැනි කෑලි මර්දනය කිරීම ලෝකයේ සෑම රටකම සිදුවන බවද සඳහන් කරන අමාත්‍යවරයා රැඳවියන්ගේ මෙම ප්‍රචණ්ඩත්වය හමුවේ බන්ධනාගාර නිලධාරීන්ට නිකං බලා සිටින්නට කියනවා දැයි ප්‍රශ්න කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 December 2020 15:04