March 29, 2024

රැඳවියන් පෙත්තෙන් ප්‍රචණ්ඩ වුවා යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ වෛද්‍ය විද්‍යාව ගැන මොනව දැනගෙනද?

December 03, 2020

මහර බන්ධනාගාර සිද්ධියට සම්බන්ධ වූ සිරකරුවන් පෙත්තක් ගසා සිටි බවට බොරු කතාවක් දැන් ගොතමින් සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරන ලදී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර කොමසාරිස් රැඳවියන් පෙත්තක් ගසා ප්‍රචන්ඩව සිටි බවට ප්‍රකාශ කරන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳව අබ මල් රේණුවක අවබෝධයක් ඇතිව ද යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

මේ සම්බන්ධයෙන් මානසික වෛද්‍යවරුන් සංගමය පවා ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මෙම පෙති නීතිවිරෝධී පෙති නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය මත බන්ධනාගාර වෙත නිකුත් කොට තිබෙන බවත් සඳහන් කරයි.

මෙම පෙති පානය කිරීමෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර කොමසාරිස්වරයා කියන ආකාරයට ලේ දැකීමේ ආශාවක් ඇති නොවන බවත් ඉන් සිදුවන්නේ නින්ද යන බවත් පෙන්නා දෙන හේරත් මහතා මෙම පෙති බීමෙන් ප්‍රචණ්ඩත්වයක් ඇති වෙනවා යැයි ප්‍රකාශ කිරීම වතුරෙන් ගින්දර ඇති වෙනවා යයි ප්‍රකාශ කිරීමක් හා සමාන බව ද සදහන් කරයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 03 December 2020 14:27

Related items