April 20, 2024

හිරේ ඉන්න අයගෙන් 52%ක් කුඩුකාරයෝ - දිගටම තියාගෙනත් බැහැ - පුනුරුත්තාපනය කරන්න වෙනවා

December 03, 2020

2019 වර්ෂයේ ලේඛන වලට අනුව බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ගෙන් 52%ක් එනම් හරි අඩකටත් වඩා වැඩි පිරිස මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක් වූවන් බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන ලදී.

මත්ද්‍රව්‍ය චෝදනා වලට ලක් වූවන් නැවත නැවතත් සමාජගත වීම නිසා ඔවුන්ව දිගටම සිරගෙවල්වල තබා ගැනීම ඊට විසඳුමක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඔවුන් පුනරුත්ථාපනය කිරීමට මුල්තැන දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙන බවද සඳහන් කරන ලදී.

මෙරට බන්ධනාගාරවල ඉඩකඩ ඇත්තේ 11,000 කට පමණක් වුවත් මේ වනවිට 32,000ක් ඉන්න බව හිටපු බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමතිවරිය වූ සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද ප්‍රකාශ කොට තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 December 2020 12:34