March 29, 2024

“මම අමාත්‍ය ධූරය දාලා යන්නේ නැහැ - ජනතාවට වැඩ කරන මම මාධ්‍යයටවත් ෆේස්බුක් එකටවත් බය නැහැ”

December 02, 2020

ජල ගැලුම් නිම්නයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ගත් තීරණය ගැන අදහස් පළ කරමින් වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ යුක්තියට සාධාරණයට, මනුෂ්‍යත්වයට එකඟව තමන් එම තීරණය ගත් බවයි. 

එමෙන්ම එම තීන්දුව හේතුවෙන් වනජීවින්ට හෝ වනාන්තරයට බරපතළ හානියක් සිදුවන බවට තමන් පිළිගන්නේ නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

තමන් නිලධාරීන්ට බලපෑම් නොකළ බවත් එසේ කියන්නේ මාධ්‍ය බවත් ප්‍රකාශ කරමින් විමලවීර රාජ්‍ය අමාත්‍යරයා ප්‍රකාශ කර සිටියේ තමන් එම ස්ථානයට ගියේ ජනතාවගේ දුක් ගැනිවිලි ඇසීමට බවත්, ජනතාව කියන කතා ඇත්තද යන්න විමසා බැලීමට බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

තමන්ට කුහකයෙක් වීමට අවශ්‍ය නොමැති බවත්, මාධ්‍යයට බයේ ෆේස්බුක් එකට බයේ අරයට මෙයාට බයේ තීන්දු ගැනීමට නොහැකි බවත්, එසේ නම් ආණ්ඩු තිබීමට අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළේය.

එම ප්‍රදේශයේ ජනතාව පැමිණ වනෝද්‍යානයේ තමන්ගේ හරක් සිටින බව පැවසූ බවත්, තමන් නිලධාරීන්ට එම හරක් එළියට දැමීමට කී බවත්, එළියට දාන්නට නොහැකි නම් එම ජනතාවට හැඳුනුම්පතක් ලබා දී එම හරක් බැලීමට යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් එය බලපෑමක් නොවන බවත් විමලවීර රාජ්‍ය අමාත්‍යරයා ප්‍රකාශ කර සිටියේය. 

තමන් එම අවස්ථාවේ කිසිදු තීන්දුවක් ලබා නොදුන් බවත්, කිසිදු ආසාධරණයක් නොකළ බවද අමාත්‍යවරයා පැවසීය. එම අවස්ථාවේ රාජ්‍ය නිලධාරීයෙකු පැමිණ “මේවා ජාතික අපරාධ, ජාතියට සහගහන අපරාධ” යැයි කියූ බවත්, සාකච්ඡා කිරීම ජාතික අපරාධයක් දැයි අමාත්‍යවරයා විසින් අසා සිටියේය.

නිලධාරියෙකු ලෙස ආචාරශීලි විය යුතු බවත්, වනජීවි දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු වනජීවියෙකු විදිහට හැසිරීම නිවැරදිද යන්නත් අමාත්‍යරයා එහිදී තවදුරටත් විමසා සිටියේය.

ජනාධිපතිවරයා විසින් මෙම ඇමතිකම ලබා දී තිබෙන්නේ දාලා යන මිනිහෙකුට නොවන බවත් එම නිසා අමාත්‍ය ධූරය දාලා යන්නේ නොමැති බවත් ජනතාවට වැඩ කරන තමන් මාධ්‍යයටවත් ෆේස්බුක් කාරයන්ටවත් බය නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කර තිබුණේ ජාතික නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

Rate this item
(0 votes)

Related items