April 24, 2024

“කවුරු හරි චන්ඩි ඉන්නවද“- දෙවනගල හිමිට හිරිහැර කළ මුස්ලිම් පිරිස් සොයා ඥානසාර හිමි දෙවනගලට (VIDEO)

December 02, 2020

මාවනැල්ල, දෙවනගල ඓතිහාසික පුදබිමේ ඉඩම් කොල්ලය සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය ප්‍රදේශීය මාධ්‍යවේදී සමන් විජයබණ්ඩාර මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර මෙම සිද්ධියේදී තමන් වහන්සේටද හිරිහැර කළ බවට චෝදනා කරමින් දෙවනගල විහාරාධිපති හිමියන් ඊයේ (01) මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

 එම විහාරස්ථානයේ පළමු මැනුමේ තොරතුරු ඇතුළත් ලිපිය ,යම්කිසි අදිසි හස්තයක මැදිහත්විම් මත මේ දක්වා තමන් වහන්සේට ලැබී නොමැති බවට දෙවනගල විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි චෝදනා කළේය.

“මෙතන තියෙන ප්‍රශ්නය පොලින් නීතිය අන්තවාදීන් පිලිනොගැනීම. මැනීමේ කටයුතු අවසන් වෙනකම් හමුදා ආරක්ෂාව දෙන්න. “ විහාරාධිපති හිමියන් සඳහන් කළේය.

ඒ පිළිබඳ සොයා බැලීමට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය මාවනැල්ල දෙවනගල ප්‍රදේශයට වැඩම කළහ.

අදාල මුස්ලිම් ජනතාව හමුවේ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි සඳහන් කළේ “මෙතන මොකක්වත් ප්‍රශ්නයක් නෑ. පූජාභූමිය මැනගන්න ඉඩ දෙන්න ඕන. තමුන්නාන්සේලාගේ අයිතිවාසිකම් තියෙනවානම් ඒවා ඉල්ල ගන්න පුළුවන්. එක එක හොර ඔප්පු හදාගෙන එක එකාගේ හයිය අරගෙන ලෑස්තිවෙන්න එපා. මේවායේ තියෙනවා ඇත්ත කියාල දෙයක්. හැබැයි පුරා වස්තු කියන දේවල් රැකෙන්න ඕන.“

Rate this item
(4 votes)
Last modified on Wednesday, 02 December 2020 15:26

Related items