April 19, 2024

බන්ධනාගාර නිලධාරීන් ඉන්නේ දැඩි මානසික පීඩනයකින් - දීමනාවක් ‍‍‍ඉල්ලා ඇමැතිවරියගෙන් කැබිනට් පත්‍රිකාවක්

December 02, 2020

බන්ධනාගාර නිලධාරීන්ගේ වර්තමාන මූලික වැටුපට සාපේක්ෂව 40%ක දීමනාවක් ලබාදීම සදහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ ‍වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් රු. මිලියන 801ක (රුපියල් 801,329,466.00ක) ප්‍රතිපාදන වෙන්කිරීමට කැබිනට් පත්‍රිකාවක් අධිකරණ අමාත්‍යවරයා හරහා ඉදිරිපත්කොට තිබේ.

බන්ධනාගාර පද්ධතිය තුළ අධික සිරකරු තදබදයක් පවතින අවස්ථාවක නිලධාරී හිගයද බරපතල ගැටලුවක්වී ඇත. එවැනි පසුබිමක බන්ධනාගාරවල සේවය කරන නිලධාරීන්ද දැඩි මානසික පීඩනයකින් සිය රාජකාරි ඉටුකරන බැවින් ඔවුන්ගේ රැකියා තෘප්තිය ඉහළ නැංවීමත් කාර්යක්ෂමතාවය වැඩිකර ගැනීමත් සදහා මෙම දීමනාව ලබා දීමට යෝජනා වී ඇත.

බන්ධනාගාර‍‍‍‍ දෙපාර්තමේන්තුවේ දැනට කාර්ය මණ්ඩලය 5407ක් වන අතර පුරප්පාඩු 2263ක් තිබේ. හිග නිලධාරීන් කඩිනමින් බදවා ගැනීමට කටයුතු සිදුකෙරෙමින් පවතින අතර දැනට සේවයේ නියුතු නිලධාරීන්ගේ ‍සේවය කැපවීම පිළිබදව සලකා ඔවුන්ගේ මූලික වැටුපට 40%ක දීමනාවක් ලබාදීමට අමාත්‍යවරිය විසින් ප්‍රතිපාදන ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කොට ඇත.

ඒ සඳහා වන ප්‍රතිපාදන 2021 අයවැය මගින් වෙන්කරවා ගැනීම සදහා මෙන්ම ලබන වසරේ ජනවාරි මස 01 වෙනි දින සිට මෙම දීමනාව ලබාදීමට හැකිවන පරිදි ප්‍රතිපාදන වෙන්කිරීමට අමාත්‍යවරිය විසින් ඉල්ලා ඇත. 
 

Rate this item
(0 votes)

Related items