April 20, 2024

ගුරුසිංහ නයිජීරියාවේ ක්‍රිකට් හදන්න යයි...

December 01, 2020

නයිජීරියාව ඔවුන්ගේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සහ ඉහළ කාර්යසාධන අධ්‍යක්ෂක ලෙස හිටපු ශ්‍රී ලංකා පිතිකරු සහ ජාතික කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ.

ගුරුසිංහ සිය නව තනතුරේ රාජකාරි මෙම මස සිට ඇරඹීමට නියමිත අතර එහිදී දේශීය පුහුණුකරුවන් පුහුණු කිරීම හා නයිජීරියා ක්‍රිකට් සම්මේලනය (NCF)හා එක්ව එරට ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයක්ම සංවර්ධනය කිරීමේ වගකීම මේ අනුව අසංක ගුරුසිංහට පැවරෙනු ඇත.

නයිජීරියාව පසුගිය වසර එකහමාර තුළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති තිබේ. ඔවුන් 2020 19න් පහළ ලෝක කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සුදුසකම් ලබා ගත්තේය.

54 හැවිරිදි අසංක ගුරුසිංහ 1985 සිට 1996 දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල නියෝජනය කරනු ලැබූ අතර 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ඔහු කැපී පෙනුණු සාමාජිකයෙකු විය.

Rate this item
(0 votes)