කොරියාවේ රැකියා සඳහා 1111 කට වීසා ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. මේ වන විටත් කොරියාව සඳහා ගුවන් ගමන් ආරම්භ වී නොමැති අතර ගුවන් ගමන් ආරම්භ වූ වහාම මෙම පිරිස කොටස් වශයෙන් යැවීමට කටයුතු කරනු ලබනවා. මේ වන විට කොරියානු භාෂා විභාගය සමත් වු පිරිස 5438 ක් වන අතර මෙම පිරිස අතුරින් 1111 දෙනෙකු මෙලෙස රැකියා සඳහා සුදුසු කම් ලවා ඇත.