April 23, 2024

සුදර්ශනීව බන්ධනාගාරයෙන් නිදහස් කරන ලකුණු!

December 01, 2020

මහර බන්ධනාගරයේ ඇති වූ ගැටුමෙන් පසු එම විෂය භාරව සිටි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය රාජ්‍ය අමාත්‍ය ධුරයේ වගකීමෙන් මුදා හැරීමට රජයේ අවධානය යොමු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ (30) පස්වරුවේ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද්දේ එහි එක් පියවරක් ලෙස බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ඉතා නුදුරේදීම රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

Rate this item
(1 Vote)